ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 වසරේ සිට මේ දක්වා බලයේ රැඳී සිටීම නිසා පක්ෂය හරහා දේශපාලනයට පැමිණි කිසිවෙකුත් කට්ට කා දේශපාලනය කිරීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
එහෙත් තමා වයස අවුරුදු 16 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්වීමට පෙර තරුණ පෙරමුණ ගොඩනැගීමට සැතපුම් 30 - 40 ක් පයින් ගොස් කට්ට කෑ බවද ජනාධිපතිවරයා පවසා සිටියේය.
මීට අමතරව තරුණ පෙරමුණ ගොඩනැගීම සඳහා ජාතික මට්ටමේ නායකයන් බයිසිකලයේ ඉදිරිපස තබාගෙන සැතපුම් ගණනක් ගොස් තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අධ්‍යාපන ශාස්ත්‍රාලය ආරම්භ කිරීමේ අවස්ථාවට අද (19දා) සහභාගිවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.