(UPDATE) බැඳුම්කර කොමිසම හමුවේ හෙළදරව් වී ඇති තොරතුරු හමුවේ විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් ගන්නා වූ තීරණය අද (10දා) සවස ජනපති, අගමැති සහ ඇමති රවි අතර පැවැත්වෙන සාකච්ඡාකවදී බොහෝදුරට තීරණය කෙරෙනු ඇති බව 'අද'ට වාර්තා වේ. ඊයේ (09ද) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ද ජනපති, අගමැති සහ ඇමති රවි අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා වී තිෙබ්. මෙහිදී අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ඔහු ගන්නා තීරණය පිළිබඳව ස්ථිර වචනයක් නොලැබුණු බවද වාර්තා වේ.
ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඊයේ උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර ඇත්තේ, රවි කරුණානායක මහතාට වහාම ඉල්ලා අස්වන ලෙස බලකරන ලෙසත්, ඔහු ඉල්ලා අස් නොවුණොත් ඔහුට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුවන බවත්ය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානක මහතා පමණක් සහභාගි වන විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.
එම සාකච්ඡාවක පැයකට අධික පමණ කාලයක් පවත්වා ඇත. මේ අතර අද (09දා) කැබිනට් රැස්වීමටද රවි කරුණනායක මහතා එක් නොවූයේය.
මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රවි කරුණනායක මහතාටද චෝදනා එල්ල වී තිබේ. ඔහු අමාත්යධුයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ආණ්ඩුවේ ඉහළම නියෝජිතයින් පවසා ඇති බවද මාධ්‍ය හරහා වාර්තා විය.