ජනපති මෛත්රීපාල සිරිසේන මහතා, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (18දා) රාත්රියේ ජනපති නිල නිවසේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
පවතින දේශපාලන අර්බුදය පිළිබඳව මෙහිදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට එක්ව ඇති අතර පස්වරුවේදී ඔහු කොළඹට පැමිණීමට නියමිතව තිබේ.