අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා එහි සිට අද (30දා) පෙරවරුවේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයා දුරකථනයෙන් අමතමින් මෙම උපදෙස් ලබාදී ඇති අතර, විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා සහ ඔවුන් මුදාගැනීමේ කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යෙදවීමටද උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම අයහපත් කාලගුණයෙන් ආපදා තත්ත්වයට මුහුණ දී ඇති ධීවරයන් ඇතුළු පිරිස් සිටී නම්, ඔවුන් සොයා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් දියත් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.