"මම දැක්කා මාධ්‍යවල රජයේ අලුත් බදු පැනවීමක් මත පොදු ජනතාවට ඒ සම්බන්ධයෙන් බලපාන කරුණු රැසක් ඇතිවෙනවා කියලා කියනවා. නමුත් එහෙම වෙන්නෙ නෑ. ඒ අනුව රටේ කිසිදු ආර්ථික විශේෂඥවරයෙකුට දූගී දුප්පත් ජනතාවට කිසිදු බරක් පැටවෙන අයුරින් කටයුතු කරන්න මම ඉඩ තියන්නේ නෑ" යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ පොළොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේදී ජනතාවට නව වසරට සුබ පැතීමේ හමුවට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා,
"රටේ ප්‍රධාන පක්ෂ 02 ක් එකට කටයුතු කරද්දී යම් යම් බෙදීම් සිදුවෙනවා. ඒ පක්ෂ දෙකේ යම් යම් උදවිය අතර ගැටලු ඇති වෙනවා. මම ඒ සියල්ල දන්නවා. නමුත් සාමූහිකව දේශපාලන පක්ෂ 02 ක් එකතු වී රටක් ගොඩනැගීමේ පරමාර්ථය ඔස්සේ මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යනවා" යනුවෙන් ප්‍රකාශ කළේය.