මෙවර සිංහල අලුත් අවුරුදු සමයේදී භාණ්ඩවල මිල තීරණය කිරීම වෙළෙඳුන් සිදුකිරීම නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට සිදුව තිබෙන්නේ අවුරුදු කෑමට නොව ලෙව කෑමට බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12 ක් ඇතුළුව භාණ්ඩ22 කට පාලන මිලක් නිකුත් කර තිබුණත් අවුරුදු සමයේදී කිසිදු භාණ්ඩයක් පාලන මිලට ලබා නොදුන් බවත්, සම්පූර්ණ භාණ්ඩවල මිල තීරණය කර තිබුණේ වෙළෙඳුන් විසින් බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
සමස්ත වෙළෙඳ පොළ තුළම භාණ්ඩ මිල තීරණය කිරීම වෙළෙඳුන් සතු වීම නිසා කුකුල් මස් කිලෝව රුපියල් 600 ත්, 650 ත් අතර මුදලකටත්, සහල් කිලෝව රුපියල් 100 ත්, 120 ත් අතර මුදලකට හා ලුණු පැකට්ටුවක් රුපියල් 60 ත්, 70 ත් අතර මුදලකට හා පරිප්පු රුපියල් 220 ත්, 240 ත් මුදලකට හා පොල්තෙල් බෝතලය රුපියල් 240ත්, 260 ත් අතර මුදලකට හා අල, ලූනු කිලෝවක් රුපියල් 100 ඉක්මවූ මුදලකටත් අලෙවි වූ බවද පවසා සිටියේය.