ජනතාව සමග සැමදාමත් සුහදව සිටියානම් මැතිවරණ වලට බිය විය යුතු නැතැයිද,ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීමටවත්මන් ආණ්ඩුව සූදානම් බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා අද(29දා) සඳහන් කර සිටියේය.
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය කළ විමසීමකදී එතුමා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා රටක් ස්ථාවරව පවත්වාගෙන යාමටනම් ජන මතයට ගරු කිරීම අනිවාර්යෙන්ම විය යුතු බවත්අද බොහෝ පිරිස් හුරුවී සිටින්නේ එකිනෙකාට මඩ ගැසීමට බවත් පැවසීය.
මීට අමතරව සුළු පක්ෂයක් තම පක්ෂය වත්මන් ආණ්ඩුවේ වැඩ පිළිවෙලට සහාය පලකරන බවත් සුළු පක්ෂවල සහාය නොමැතිව ආණ්ඩු පිහිට වීම සිහිනයක් බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.