අඳුරු සෙවණැලි අතර එල්ලෙමින් ආණ්ඩු පෙරළීමේ කුමන්ත්‍රණ සිදුකිරීමේ සිහින නොදකින ලෙස විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රන්න්දු මහතා අද (08දා) මාධ්‍ය හමුවකදී පැවසීය.
යහපාලනය ඇතිකරමින් ජනතාවට නිදහස ලබාදීම ආණ්ඩුවට අභියෝගයක් වී ඇති බවත්, ඒ තුළ හොඳ මෙන්ම නරක ලක්ෂණද ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙසේද පැවසීය.
''මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඡායාරූප විකෘති කරලා සමාජ මාධ්‍ය තුළ පළකරනවා. මගේ යටතේ තිබෙන ආයතනවලින් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාමෙන් මෙහෙම ඡායාරූප විකෘති කරන පුද්ගලයන් හොයාගන්න පුළුවන්, ඔවුගේ ෆේස්බුක් ගිණුම්, වෙබ් අඩවි තහනම් කරන්න පුළුවන්, ඔවුන්ට දඬුවම් දෙන්න පුළුවන්. නමුත් අපි එහෙම දෙවල් කළේ නැහැ. යහපාලනය දීලා තියෙන්නේ අපි. ඉස්සරෙ ඒ වගේද මාස දෙකෙන් දෙකට මොනවහරි කියලා වෙබ් සයිට් වහනවා. අද ජනතාවට නිදහස දීලා තියෙනවා නේද? අද ජනතාව විවෘතව ඉන්න නිසා තමයි ආණ්ඩුවට ලොකු අභියෝගයක් වෙලා තියෙන්නෙ. මේ ආණ්ඩුව ගෙදර ගියා කියලා හිතමු. ඔය එන්න හදන අයට මාස හයක් වත් ආණ්ඩු කරන්න බැරිවෙයි.''