ජනතාව ඉල්ලන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට නොව රටේ නායකයා කිරීමට බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ මහ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.
කොළඹ දී අද (25දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ, මහින්ද රාජපක්ෂ මහතා හැර ගිය අතුරලිය රතන හිමි වැනි ස්වාමීන් වහන්සේලා තනතුරු බලාපොරොත්තුවෙන් යළිත් රාජපක්ෂ මහතාට සම්බන්ධ වීමට උත්සාහ ගනිමින් සිටින බවයි.
උන්වහන්සේලා අරමුණු ඉෂ්ට කරගැනීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බව බෙංගමුවේ නාලක හිමියෝ අවධාරණය කළහ.