යුද්ධයෙන් අවතැන්වී සිටින සියලු ජනතාව මාස 06 ක් තුළ නැවත පදිංචි කරනවානම් එම භූමියේ බිම් බෝම්බ තිබේදැයි තාක්ෂණික සමීක්ෂණයක් සිදුකරන ලෙසත්, අදාළබිම් බෝම්බ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්බිම්බෝම්බ තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි.
යුද්ධය අවසන්වූ පසු උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල කණ්ඩායම් 08කට වැඩි පිරිසක් යෙදී සිටියද, මේ වනවිට එම ප්‍රමාණය හතර දක්වා අඩුවී ඇතැයිද එම සංවිධානයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ නිසා බෝම්බ ඉවත් කිරීමේ කටයුතු මන්දගාමීව සිදුවනබවත්, එය කඩිනම් කිරීමට නම් එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ ප්‍රඥාප්තියට ශ්‍රී ලංකා රජය වහාම අත්සන් තැබිය යුතු බවත් ඔහු පවසා සිටියේය.
ප්‍රඥාප්තියට අත්සන් තැබූ පසු මෙරට භූමිය තුළ වළලා ඇතැයි හඳුනාගෙන තිබෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවලට ජාත්‍යන්තර සහාය ලැබෙන බවද සම්බන්ධීකාරකවරයා සඳහන් කළේය.
මේ නිසා අවතැන් ජනතාව නැවත පදිංචි කරන්නේ සද්භාවයකින් නිසා එම ජනතාවගේ ජීවිත අනතුරට ලක් නොකර බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයිද ඒ මහතා ඉල්ලා සිටියේය.
බිම්බෝම්බ ඇතැයි සොයාගෙන තිබෙන ප්‍ර‘දේශවලින් වර්ග කිලෝමීටර් 64 ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කර නොමැති අතර, බිම්බෝම්බ තිබේදැයි සොයාබැලීමට සිදුකරන තාක්ෂණික මෙහෙයුම්ද අවසන් වී නැතැයි සම්බන්ධීකාරකවරයා කියා සිටියේය.