ජනතා වරමට ද්‍රෝහි වෙන්න බෑ - නව ව්‍යවස්ථාවක් ගෙනෙනවා
ජනතා වරමට ද්‍රෝහි විය නොහැකි බවත් නව ව්‍යවස්ථාවක් ගෙන එන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මන්නාරමදී ඊයේ (07දා) පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එසේම නව ව්‍යවස්ථාවක් ජනතාව එපා කියයි නම් එය නොගෙන එන බවත් ඔහු පැවැසීය.
"යුද්ධය ඉවර වුණාට ප්‍රශ්න ඉවර වුණේ නෑ. ජාතිවාදය තවත් වැඩිවුණා. මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා. අපේ දේශපාලන විසඳුම පදනම් කරගෙන සංවර්ධනය ඇති කරන්න.
ඒකට ජනතා වරමක් ලැබුණා. ඒ වරමට ද්‍රෝහි වෙන්න බෑ. ව්‍යවස්ථා අපි සකස් කරනවා. අපි තාම සාකච්ඡා කරනවා. එක් එක විසඳුම් ගැන යෝජනා ගණනාවක් ඇවිත් තිබෙනවා. ලේකම් කාර්යාලය ඒ යෝජනා වර්ග කර ප්‍රධාන විකල්ප ටික දාන්න. අපි අන්තිම වාර්තාව දෙන්නේ නෑ. අතුරු වාර්තාවක් දෙන්නේ.
මූලධර්ම ටික ඉදිරිපත් කරනවා. එවිට රටේ විශාල විවාදයක් ඇති කරනවා. මහ නායක ස්වාමීන් වහන්සේලාගේ අදහස් අර ගන්නවා.සභාපති ලෙස මම ගිහින් මහා නායක හිමිවරුන්ගේ අදහස් විමසනවා.
මේක ඔබේ ව්‍යවස්ථාවක් මගේ ව්‍යවස්ථාවක් නෙමෙයි. මතුවෙන් එකඟතා අරගෙන අන්තිම වාර්තාව ඉදිරිපත් කරනවා. බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය ඒ ආකාරයට තියනවා. ජනතාව එපා කිව්වොත් අත්හරිනවා. ජනතාව තමයි වරම දුන්නේ. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

