ජනතා මුදල් පිළිබඳ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි
ජනතාවගේ මුදල් පිළිබඳ වගකීම තියෙන්නේ පාර්ලිමේන්තුවට නිසා තමන්ගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ නිර්දේශ හා නිගමනයන් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවට වගකීමක් ඇතැ බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
තමන් මෙම කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණියේත් මෙම කොමිසමෙන් ඒ සඳහා යම්කිසි උදව්වක් වේවි යන අදහසින් බවත් හඳුන්නෙත්ති මහතා පැවසීය.
තමන් විසින් කෝප් කමිටුවේ වාර්තාව 2015 ඔක්තෝබර් මස 28 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත්, මේ වනවිට එහි බාරකාරත්වය කථානායකවරයා සතුව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් විසින් ඉදිරිපත් කළ මෙම කෝප් කමිටු වාර්තාවේ ඇතුළත් කළ නිර්දේශ හා නිගමන සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ වගකීම කැබිනට් මණ්ඩලයටත් ඇතැයිද, මේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුවටත් මුදල් අමාත්‍යාංශයටත් වගකීමක් ඇතැයිද වැඩිදුරටත් පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේළුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්ෂි විභාග කිරීම සිදුකෙරේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයාබැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කොට තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

