රටේ මහජනතාවගේ ප්‍රශ්න, ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පැයක කාලයක් වෙන්කිරීමට ජනාධිපතිවරයා වහා පියවර ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එම ව්‍යාපාරය මේ බව පැවසුවේ අද (30දා) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාර්ලිමේන්තුවේ මහජනතාවගේ ප්‍රශ්න, ගැටලු පිළිබඳව නොව මැති ඇමතිවරුන් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලුවලට ගහමරා ගන්නා බවත්, සිවිල් සංවිධානවල හඬ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවත් ඔවුහු තවදුරටත් පවසා සිටියහ.