ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 14%ක් දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකයේ වෛද්‍ය අසංක රණසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ අද (13දා) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ලංකාවේ දියවැඩියා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යමින් ඇති බවත්, අවුරුදු 30-40 වයසේ පසුවන්නන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක සිටින බවත් වෛද්‍යවරයා කරුණු අනාවරණය කළේය.
දියවැඩියාව වකුගඩු රෝගය මෙන්ම තවත් බොහෝ රෝගයන්ගේ තත්ත්වය උත්සන්න කිරීමට හේතුවක් බවද අසංක රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.