ශ්‍රි ලංකා නිදහස් පකෂ දඹුල්ල ආසන සංවිධායක ධුරයෙන් මීට ටික කලකට පෙර ඉවත් කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන්ද ඉවත් කර තිබේ. ඒ අනුව එහි නව සම සභාපති ලෙස හිටපු අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පත්කොට තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරයේ මහතා සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති වශයෙන් කටයුතු කරයි.