ජනක බණ්ඩාර මහතා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සහ ප්‍රමිත බණ්ඩාර මහතා ඉල්ලා අස්වීම ප්‍රශ්නයක් නොවන බවත්, ඔවුන් දෙදෙනා ජනවාරි 08 ඇතිවූ වෙනසට විශාල දායකත්වයක් ලබාදුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
එම උදව් පිළිබඳව මේ අවස්ථාවේදී කතාකර ඵලක් නොමැති බවද අද (26දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසීය.
සිය පියා ඉවත් කිරීමත් සමග ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර මහතා පළාත් සභා අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවත්, පුතෙකු ලෙස සිදුකළ මෙම ක්‍රියාව අගය කළ යුතු බවත් හෙතෙම පැවසීය.