ජන සටන පාද යාත්‍රාවට බියවී ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් මර්දනය කිරීමට සූදානම් වෙද්දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්තී‍්‍රවරුන් පක්ෂයෙන් නෙරපීමට සූදානම් වන බව මහින්දානන්ද අලුත්ගමගේ මන්තී‍්‍රවරයා පැවසීය. මෙවැනි බොළඳ කි්රයාමාර්ගවලින් ආණ්ඩු විරෝධී ජන සටන පා ගමන නතර කළ නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.
අද (10දා) උඩුගම්පල ප්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයාගේ නිවසේ පැවති ජන සටන පාද යාත්‍රාව පිළිබඳ මූලික සාකච්ඡාවේදී අදහස් දක්වමින් ඔහු එසේ පවසා සිටියේය. ව්‍යවස්ථා සංශෝධනයට , පළාත් පාලන මැතිවරණය කල් දැමීමට, වැට් බදු මංකොල්ලයට, එට්කා ගිවිසුමට, ගොවි සහන කප්පාදුවට සහ මර්දනයට එරෙහිව ජනසටන පාද යාත්‍රාව ජූලි 28 වැනිදා මහනුවරින් කොළඹ දක්වා ගමන් අරඹන බව ඒකාබද්ධ විපක්ෂය පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ හම්බන්තොට දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා,
“ අද මේ ආණ්ඩුව කි‍්‍රයාත්මක කරමින් සිටින්නේ දෙමළ ජාතික සංවිධානය සහ ඉන්දියාවේ උවමනාවයි. ඊට විරුද්ධ වන සියලුදෙනා මර්දනය කරන්න ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. රනිල් සහ මෛතී‍්‍රගේ ආණ්ඩුව ඒ වෙනුවෙන් පොලීසි 2ක් පවත්වාගෙන යනවා. එකක් එෆ්.සී.අයි.ඩී. එක අනික ජනාධිපති කොමිෂම. එකක් මෙහෙයවන්නේ රනිල්. අනික මෛතී‍්‍රපාල මහත්තයා. මෙතන ඉන්න අපි හැමෝම මේ පොලීසි දෙකටම ගිහින් තියෙනවා. ආණ්ඩුවත් එක්ක ඉන්නවනම් මේ මොන ප්‍රශ්නයක්වත් නෑ. අපි ඉන්නේ ජනතාවත් එක්ක නිසයි අපිව මෙහෙම මර්දනය කරන්න හදන්නේ
සීමා නීර්ණය අවසන් නැතැයි කියමින් ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දමනවා. මේ සීමා නිර්ණ කටයුතු අපි අවසන් කරලයි තිබුණේ. මේ විදියට ගියොත් මේ ආණ්ඩුවට පාර්ලිමේන්තු මැතිවරණය තියන්න කොච්චර කල් යයිද දන්නෙ නෑ. මේ ආණ්ඩුව රට කරන්නේ මර්දනයෙන්. චීනෙට බැන බැන ඉන්දියාවට කත් ඇදලා දැන් ආයෙත් චීනෙ ළඟ හතරට නැමිලා වඳිනවා.
රටේ නායකයා දැන් රටේ සිද්ධවෙන දේවල් දැනගන්නේ පත්තරෙන්. ඉරිදා පත්තරේ සෙනසුරාදා කියවනවා. විදේශ ඇමති එකක් කියනවා . අගමැති තව එකක් කියනවා. ජනාධිපති මේ දෙකටම නැති මොකක්දෝ එකක් කියනවා. ලෝකයේ ඉතාම අඩු කාලයකින් පිරිහුණු ආණ්ඩුව තමයි වර්තමාන රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව. මේ ආණ්ඩුවට විරුද්ධව අපි දැවැන්ත ජනතා බලවේගයක් ගොඩනගනවා. ඒ බලවේගය තමයි මේ පාද යාත්‍රාවෙන් ආරම්භ කරන්නේ. පාද යාත්‍රාවෙන් කොළඹ වට කරලා අපි මේ ආණ්ඩුවට ගෙදර යන්න බල කරනවා.” යැයිද පවසා සිටියේය.