ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර ගුවන් තොටුපොළේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරත් සමග ගුවන් යානා ගින්නකට නතු වූ බවත්, ගිනි නිවන හමුදාව වහාම ක්රියාත්මක වීම හේතුවෙන් එම ගින්න මැඬපැවැත්වීමට හැකි වූ බවත් පැවසෙයි.
බාටික් මගී ගුවන් යානයක් ගමන් ඇරඹීමට යාමේදී එහි තටුවක් ට්රාන්ස් නූසා ගුවන් යානයක පසුපස කොටසේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
සඳුදා රාත්රී කාලයේ සිදුවූ මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවත්, සියලු දෙනා ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බවත් ගුවන්තොටුපොළ බලධාරීහු පවසති.
අඩු මිල ගුවන් ගමන් හඳුන්වාදෙමින් එරට ගුවන් ප්රවාහනයේ විශේෂ වර්ධනයක් පසුගිය කාලය තුළ දක්නට ලැබුණත්, ගුවන් යාත්රණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දුනීසියාව සතුව අඩුපාඩු පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.