විනය විරෝධී ක්‍රියාවල යෙදී දඬුවම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සියලු දෙනාට කොන්දේසි විරහිතව නිදහස් කිරීමට උපකුලපතිවරයා ප්රමුඛ පාලනාධිකාරය තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව පසුගිය වසරක පමණ කාලයකදී විවිධ හේතූ මත පන්ති තහනමට, ශිෂ්‍යභාවය අහෝසි වීම්වලට සහ ජීවිතාන්තය දක්වා ශිෂ්‍යභාවය අහෝසි කිරීම්වලට ලක්වූ සිසුන් සියලු දෙනා එම දඬුවම්වලින් නිදහස් කළ බව උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්න මහතා පැවසීය.
මෙහිදී මානව හා සමාජ විද්‍යා පීඨයේ සිසුන් 83 දෙනෙකුද කළමණාකරන පීඨයේ සිසුන් 47 දෙනෙකුද පන්ති තහනම් කිරීම් වලට ලක්ව සිටි බවත් ඉන් 5 දෙනෙකු ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය බාවය අහෝසිකර තිබුන බවත් ඒ මහතා පවසා සිටියේය. එම තීරණය ජූලි 03 වැනිදා සිට බලපැවැත්වෙන බවද උපකුලපතිවරයා සඳහන් කළේය.