ඡන්ද ප්‍රතිඑල නිකුත් කිරීමෙන් පසු මොනරාගල දිස්ත්‍රික්කයේ එජාප සහ ජවිපෙ අපේක්ෂකයන්ට හා ඔවුන්ගේ නිවාස හා කාර්යාල ගණනාවකට ඊයේ (21දා) රාත්‍රී සහ අද අලුයම පහර දී ඇති බව කැෆේ සංවිධානය කියයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ එජාප මනාප ලැයිස්තුවේ 6 වැනි ස්ථානයට පැමිණි රෝයි කාලිංග මහතාට අද අලුයම 1.00 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ඔහු මොනරාගල රෝහලට ඇතුළත් කොට ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
කැෆේ සිද්ධි වාර්තාව
මොනරාගල
-
මොනරාගල ජ.වි.පෙ. අපේක්ෂක අනුර කුමාර වික්‍රමසිංහ මහතාගේ ඔබ්බේගොඩ පිහිටි නිවසටද අද අලුයම ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ප්‍රහාරයෙන් නිවසට අලාභ සිදු වී ඇත.
-
මොනරාගල මදුරුකැටිය ජ.වි.පෙ. අපේක්ෂක පල්ලියගුරුගේ විජේසිරි මහතාගේ නිවසට ඊයේ මධ්‍යම රාත්‍රී 12.15 ට පමණ ප්‍රහාරයක් එල්ල වී ඇත. ප්‍රහාරයෙන් නිවසට දැඩි අලාභ සිදුව තිබේ.
-
ජවිපෙ දඹගල්ල කාර්යාලයටද අද අලුයම පහර දී තිබේ.
බදුල්ල හා හපුතලේ
-
කදුරුගමුව ඡන්ද මධ්‍යස්ථානයේ ජවිපෙ ඡන්ද පොළ නියෝජිත සුනිල් ශාන්ත මහතාට සන්ධානයේ ආධාරකරුවන් කණ්ඩායමක් විසින් පහර දී ඇත. ඔහු දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
-
හල්දුම්මුල්ල සන්ධානයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතාට පිහියකින් ඇන තුවාල සිදුකොට ඇත.
-
මැතිවරණ දිනයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ආර්.එම්. ධනරත්න මහතා විසින් ස්ථාන කිහිපයකම ප්රචණ්ඩ ක්‍රියා / තර්ජන කිරීම් සිදුකළ බවට වාර්තා විය.
-
හාල්අටුතැන්නේදී ජවිපෙ ආධාරකරුවන් පිරිසකට ද ඊයේ රාත්‍රි ගල් ප්‍රහාරයක් එල්ලකොට ඇත.
-
ප්‍රහාර හේතුවෙන් ජවිපෙ බදුල්ල දිස්ත්‍රික් හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල මහතා සහ ඔහුගේ නිවසේ සාමාජිකයෝ මේ වනවිට නිවසින් බැහැරව සිටිති. එමෙන්ම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුඵ දේශපාලනඥයන් බලගල්ල මහතාගේ නිවසට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති නමුත් මේ දක්වා එම ආරක්ෂාව ලබා දී නැතැයි සඳහන් වේ. මහියංගණ ප්‍රදේශයේ ජවිපෙ ආධාරකරුවන් කිහිපදෙනෙකුගේ නිවෙස්වලටද ඊයේ රාත්‍රී රතිඤ්ඤා දල්වා විසිකර ඇත.