මහජන ඡන්දයෙන් තේරී පත්වූ තමන්ට ජනතාවට නිසි සේවයක් සිදුකිරීමට නොහැකි වුවහොත් ඊළඟ මැතිවරණයේ දී ඡන්ද අපේක්ෂකයෙකු ලෙස නොපැමිණෙන බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භූමියේදී ගම්පහ ආසනයේ අඩු ආදායම්ලාභී පවුල් 28ක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් බෙදාදීමේ වැඩසටහනකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
“මට තරම් කෙණහෙළිකම්, දෝෂාරෝපණ, කැපිලි, චෝදනා මේ දේශපාලනයට ආපු කටවත් නෑ. මට අවලාද කරන, අපහාස කරන මාව බොරු චෝදනාවලට ලක්කරන උදවියට කවදාහරි දවසක සත්‍ය අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් මම තැවෙන්නෙ නෑ” යැයි අමාත්‍යවරයා පැවසීය.
“මම දන්නවා යක්කුන්ට දෙන්න ඕන දේවල්, මම කිසිම සතෙකුට පිදේනි දීලා දේශපාලනය කරන්නේ නෑ” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.