ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් කරුණු 36 න් සමන්විත මෙහෙයුම් පද්ධතියක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.
මේසම්බන්ධයෙන් වන විවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වන යෝජනා ලෙස මේමස 22 දා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, එදින ඡන්ද විමසා එය සම්මත කර ගැනීමටද නියමිතය.
ඒ අනුව මැතිවරණ කාල සීමාව තුළදී තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් කෙරෙහිසියලුම මාධ්‍ය ආයතන සමානාත්මතාවයෙන් සහ අපක්ෂපාතීව කටයුතු කළයුතු අතර, කිසිදු පාර්ශවයකට විශේෂ වාසියක් හෝ අගතියක් සිදුනොවන අයුරින් කටයුතු කළයුතු බව සඳහන් කර තිබේ.
තවද ඉදිරිපත් කරන සියලුම කරුණු නිවැරදි සමතුලිත හා අපක්ෂපාතී තොරතුරු පමණක් විය යුතු බවත්, පුවත්පත්වල කර්තෘ වාක්‍යයන් තුළ අදහස් සමබර නොවීමට ඉඩ ඇති බැවින් කර්තෘ වාක්‍යයන් විද්‍යුත් මාධ්‍යයන් තුළ විකාශය නොකළ යුතු බවටත්, විද්‍යුත් මාධ්‍යන් තුළ ඉදිරිපත් කරන පුවත්පත් වැඩසටහන්වලදී එම වැඩසටහන මෙහෙයවන තැනැත්තාගේ පෞද්ගලික මතිමතාන්තර දැක්වීම නොකළ යුතු බවත් අදාළ මාර්ගෝපදේශ පද්ධතියේ සඳහන්වේ.
එවැනි මතිමතාන්තර දැක්වීමට යාමෙන් එක් පාර්ශවයක් ප්‍රවර්ධනය වන අතර තවත් පාර්ශවයක් අගතියට පත්කෙරෙන බැවින් එවැනි පෞද්ගලික මත ප්‍රචාරණය නොකරීම යෝග්‍ය වන බවද ඒතුළ සඳහන්ය.
එමෙන්ම ඡන්ද විමසීම් කාලය තුළ වෙළෙද දැන්වීම් නොවන පක්ෂපාතී වැඩසටහන් ප්‍රචාරය නොකිරීම කළ යුතු වන අතර, තරග කරනු ලබන අපේක්ෂකයන්ට විරුද්ධව කරනු ලබන සාධාරණව තහවුරු කළ නොහැකි චෝදනා ප්රවෘත්ති ලෙස පළකිරිම හෝ විකාශය කිරීමෙන් වැළකී සිටිය යුතු බවද අදාළ මාර්ගෝපදේශනයෙහි දක්වා ඇත.
ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ රජයේ අමාත්‍යවරුන් සම්බන්ධවන දේශපාලන වැඩසටහන් ඔවුන් අයත්වන දේශපාලන පක්ෂයේ වැඩසටහනක් ලෙස සලකා කටයුතු කළ යුතු අතර, එයට විරුද්ධ අදහස් දරන දේශපාලන පක්ෂවල නායකයන්ටද ඒහාසමාන වැඩසටහන් ලබාදිය යුතුය. එමෙන්ම මුද්‍රිත මාධ්‍යද ඒඅයුරින් සියල්ලන්ට සමාන ඉඩකඩක් ලබාදිය යුතු බවද සඳහන්කර තිබේ.
දුරකථන මාර්ගයෙන් ප්‍රශ්න හා තොරතුරු ලබාගනිමින් පවත්වනු ලබන වැඩසටහන්වලදී සියලුම අමතන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්න හා යෝජනාවල අඩංගු කරුණු කුමක් වුවද සමාන අවස්ථාවක් ලබාදියයුතු වන අතර, එවැනි වැඩසටහන්ද සමබරතාවයෙන් යුතුව සිදුකළ යුතු වේ.
පිළිගත් පක්ෂයක නිලතල දරන තැනැත්තෙකු යම් මාධ්‍යයක ප්රමුඛ තනතුරක් දරන්නේනම් හෝ එවැන්නෙකු ඡන්ද විමසීමේ අපේක්ෂකයෙකු වන්නේනම් ඡන්ද විමසීම් කාලසීමාවේදී තම තනතුරෙහි ක්‍රියාකාරීව කටයුතු කිරීමෙන් වැළකී සිටිය යුතු අතර, ස්වකීය දේශපාලන ලිපි ප්රසිද්ධකිරීමෙන් වැළකී සිටිය යුතුය.
ඡන්ද විමසීමට පූර්වයෙන් පැය 48ක කාලයේදී ඡන්ද විමසීම්වලට අදාළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුනොකළ යුතු වන අතර, මෙම සියලුම උපමානයන් ක්‍රියාත්මක කිරීමට සියලු මාධ්‍යයන් බැඳී සිටින බවද සඳහන් වේ. එමෙන්ම සමාජ වෙබ් අඩවි හිමිකරුවන්ද එලෙසම ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ ලේඛනයෙහි දක්වා තිබේ.
තවද කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු විසින් අදාළ උපමානයන්වලට පටහැනිව කරනු ලබන නියෝග හෝ ඉල්ලීම් ප්‍රචාරය කිරීමට හෝ පළකිරීමට මාධ්‍ය ආයතන මෙන්ම මාධ්‍යවේදීන්ද බැඳී නොසිටින අතර,එවැනි අවස්ථාවක නීතියේ පිහිට පැතීමට අදාළ මාධ්‍ය ආයතනයට හෝ මාධ්යවේදීන්ටමෙමගින් හැකියාව තිබේ.
එමෙන්ම ඡන්ද බලය ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් එම මූලික අයිතිවාසිකම තහවුරු කිරීමට මාධ්‍ය කටයුතු කළ යුතු බවද මෙහි දක්වා තිබේ.
දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටවනු ලැබූ මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ මාර්ගෝපදේශනපද්ධතිය සකස්කර ඇති අතර, අංක 1955/19 /2016/2 වන ගැසට් නිවේදනය යටතේ මෙය ප්‍රසිද්ධ කර තිබේ.
ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන පිළිබඳ විවාදයේ ඡන්ද විමසීම එළඹෙන 22 වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව ඇති අතර, ඒ සඳහා ආණ්ඩුපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් සහභාගී විය යුතු බවට දන්වා ඇතිබවද වාර්තාවේ.