දිස්ත්රික් මැතිවරණ කාර්යාලවල සහ ග්රාම නිලධාරී කාර්යාලවල ප්රදර්ශනයට තබා ඇති 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම් ග්රමා නිලධාරීවරයාට හෝ දිස්ත්රික් මැතිවරණ කාර්යාලය වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා ප්රකාශ කළේය.
මේ මස 31 වැනි දින සහතික කිරීමට නියමිත එක් එක් දිස්ත්රික්කයට අදාළ 2015 ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පත හෙට (30දා) දින දක්වා ප්රදර්ශනය කෙරෙන බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
ගණන් ගන්නා නිලධාරීන් විසින් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය ගණන් ගන්නා ලද අයගේ සහ අදාළ හිමිකම් පරීක්ෂණයට පෙනී සිටි අයගේ නම් මෙසේ ප්රදර්ශනය කරන බව දේශප්රිය මහතා පැවසීය.