ඉකුත්දා පැවැති මහා සමුළුවේදී බෞද්ධ ඡන්ද ලක්ෂ 50 ක් නිර්මාණය කරනවා යනුවෙන් සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන නොවන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
සැබෑ සිංහල බෞද්ධ රජෙකු නිර්මාණය කරගැනීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක එක් කොටසක් වන එම කාර්යය මාසයකින් දෙකකින් කළ නොහැකි බවද උන්වහන්සේ කියා සිටියහ.
සුපුරුදු පරිදි මේ දිනවල ආගමික කටයුතුවල යෙදෙමින් අධිෂ්ඨාන පූජා ආදී වැඩසටහන් පවත්වමින් සිටින බවද ඥානසාර හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.