ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්රවාහනය කිරීම සඳහා පෞද්ගලික බස් රථ 1000 ක් සපයන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
ඡන්ද පෙට්ටි ප්රවාහනයට බස් රථ ලබාදෙන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතාගෙන් ලිපියක් ලැබී තිබෙන බවත්, ඒ අනුව බස් රථ සැපයීමට තීරණය කළ බවත් විජේරත්න මහතා ප්රකාශ කළේය.
මේ අතර කිසිදු අපේක්ෂකයෙකුගේ පෝස්ටර් ඇලවීමට පෞද්ගලික බස් රථ ලබානොදෙන බවට මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.