පළාත් පාලන මැතිවරණයේදී මේ දක්වා ප්‍රතිඵල නිකුත් වී ඇත්තේ මුලතිව් මාන්තෙයි නැගෙනහිර පළාත් සභාවේ පමණි. රාත්‍රී 8.00ට පමණ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් ඇති බව කී මැතිවරණ කොමිෂන් සභාවට පළමු ප්‍රතිඵලය නිකුත් කිරීම සඳහා මධ්‍යම රාත්‍රිය පමණ විය.
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව කුමක්දැයි යන්න දැන ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත වී තිබුණි.