පළාත් පාලන මැතිවරණයේදී බරපතල ගණයේ සිදුවීම් කිසිවක් වාර්තා නොවු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පැවැසීය.
ඒ අනුව කිසිම ඡන්ද මධ්‍යස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අවලංගු කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවත් ඔහු පැවැසීය. ඡන්ද භාවිත කිරීම 65%ක් පමණ වෙන බවත් ඔහු පැවැසීය. ඡන්ද ප්‍රතිඵල 11 වැනි දින මධ්‍යාහ්න වීමට පෙර නිකුත් කිරිමට හැකියි.