එළඹෙන ජනාධිපතිවරණය සඳහා වූ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අද (10දා) ආරම්භ කර ඇත.
ඒ අනුව ඡන්ද පත්‍රිකා ලක්ෂ 160 ක් ඉදිරි දින පහළොව ඇතුළතදී මුද්‍රණය කර අවසන් කිරීමට නියමිත බව රජයේ මුද්‍රණාලයාධිපති ලලිත් ද සිල්වා මහතා 'අද' ට පැවසීය.
තැපැල් ඡන්ද පත්‍රිකා ලක්ෂ 06 සහ 08 අතර ප්‍රමාණයක් මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා අතරට ඇතුළත් වන අතර, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අදියර තුනකින් අවසන් කිරීමට නියමිත බවද පැවසෙයි.