මේ වන විට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අදාළව කිසියම් වූ පුද්ගලයෙක් ඡන්ද දායකයන් ප්රවාහනය කරයි නම් ඔහු සමග ඡන්ද දායකයන් ප්රවාහනය කිරීමට යොදාගන්නා වාහනයද අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.
මෙවැනි වූ සිදුවීමක් තණමල්විල, කිවුල්ආර ප්රදේශයේදී සිදුව ඇත. එහිදී කැබ් රථයකින් ඡන්ද දායකයින් ප්රවාහනය කළ පුද්ගලයෙක් එම කැබ් රථයද සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.