පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ එක් පියවරක් ලෙස නව මැතිවරණ ක්‍රමය යටතේ තීන්දුවන ඡන්ද කොට්ඨාසවලින් 25%ක ප්‍රතිශතයක් කාන්තා නියෝජනය වෙනුවෙන් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා වී තිබේ. කාන්තා කටයුතු අමාත්‍යාංශය, මන්ත්‍රීවරියන් හා කාන්තා සංවිධාන විසින් සිදුකරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම යෝජනාව සලකා බැලීමට ඉදිරිපත් වී තිබේ.
එමෙන්ම කාන්තා නියෝජිතයන් වැඩිකිරීමත් සමගම අපේක්ෂිකාවන්ට පමණක් ඉදිරිපත් වී තරග කළ හැකි මැතිවරණ කොට්ඨාස කිහිපයක් නම් කිරීම කෙරෙහිද යෝජනා වී තිබේ.
කාන්තා නියෝජිතයන් වැඩිකිරීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී හා නව මැතිවරණ ක්‍රමය පිළිබඳව සිදුකරන ලද සාකච්ඡාවලදී අවස්ථා කිහිපයකදීම දීර්ඝව සාකච්ඡා වී තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳව මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර, දේශපාලන පක්ෂ නායකයන් සමග දීර්ඝව සාකච්ඡා කිරීමටද තීරණය වී තිබේ.
නව මැතිවරණ ක්‍රමය යටතේ යෝජිත මන්ත්‍රී සංඛ්‍යාව 225 හෝ 255 යන කුමන අගයක් ගත්තද මැතිවරණ කොට්ඨාස 196ක පමණ ප්‍රමාණය පවත්වාගෙන යෑමටද අවධානය යොමු වී තිබේ. එසේ වුවහොත් මන්ත්‍රීවරියන් 40 දෙනෙකුට පමණ පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් උදාවනු ඇත.