යාපනය චුන්නාකම් ප්රදේශයේදී යතුරු පැදි කිහිපයකින් පැමිණි පිරිසක් විසින් අත්බෝම්බ ප්රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයිද බෝම්බය පුපුරා නොගොස් ඇතැයිද චුන්නාකම් පොලීසිය පවසයි.
චුන්නාකම්හි ඉඩමක තරුණයින් සිටි ස්ථානයකට පෙරේදා (27 දා) රාත්රියේ බෝම්බ ප්රහාරය එල්ල වී තිබේ. බෝම්බය පිපිරවීමට එල්ල කරන ලද එකක් නොවන බවත් බිය කිරීම සඳහා එල්ල කරන ලද ප්රහාරයක් බවටත් සැක පළකරන බව චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් පවසයි.