නීති විරෝධී අයුරින් ශ්රී ලංකාවේ සිට චීනයට රැගෙන යාමට උත්හාස කළ වැහිළිහිණි කූඩු සමග චීන ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.
ශ්රී ලංකාවේ ආරම්භ කර ඇති චීන සමාගමක ආහාර පිසින්නියක කටයුතු කළ කාන්තාවක් හා චීන සංචාරකයෙකු මෙසෙ අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන්ගේ ගමන් මලු තුළ වැහිළිහිණු කූඩු කිලෝ ග්රෑම් 3.375ක් තිබී ඇත. එහි වටිනාමක රුපියල් මිලියනයක් පමණ වෙයි.
වැහිළිහිණී කූඩු රාජසන්තක කළ රේගුව චීන ජාතිකයන් දෙදෙනාට රුපියල් 50000ක් දඩ නියම කර ඇත. ඊයේ (26දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
ලිංගික උත්තේජනය වැඩි කරන වාජීකරණ ඹෟෂධයක් ලෙස භාවිත කරන සුප් වර්ගයක් සෑදීමට චීනය මෙම වැහිළිහිණි කූඩ භාවිත කරයි.