ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් චීන ජාතිකයෙකු වල්ලා පට්ටා සමග කටුනායකදී අත්අඩංගුවට ගත් බව කටුනායක රේගුව කියයි.
මෙරට පෞද්ගලික ආයතනයක තාක්ෂණ නිලධාරියෙකු ලෙස සේවය කරන මෙම ජාතිකයා ඊයේ සවස චීනය බලා යාමට පැමිණ තිබේ.
ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරිමේදී එහි තිබී කිලෝ 28ක පමණ වල්ල පට්ටා තොගයක් සොයාගෙන තිබේ.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 50ක් වන බවත් ඔහුට රුපියල් 25000ක දඩයක් පැනවූ බවත් රේගුව කියයි.