චීනයෙන් ලැබෙන ආධාර මුදල්වලින් අක්‍රමිකතා සිදුකරන ආකාරය ගැන තමා සතු කරුණු ඉදිරියේදී නම්ගම් සහිතව අනාවරණය කරන බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
මහාමාර්ග කාපට් කිරීමට ලැබෙන චීන ආධාර යොදාගෙන හම්බන්තොට සිට මත්තල දක්වා මාර්ගය ඉදිකළ ආකාරය පිළිබඳවත්, කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදිකළ ආකාරය පිළිබඳවත් තමා සතුව තොරතුරු ඇතැයි ඔහු පැවසීය.
මහාමාර්ග ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව සත්‍ය කරුණු රටට හෙළිකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.