ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති හමුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව චීනයේ දැක්ම පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධානය යොමුකර තිබේ.
ඔවුන් දෙදෙනා අතර පවත්වා ඇති සාකච්ඡාව මිත්රශීලීව පවත්වා ඇති බවත් කිසිඳු ආකාරයක මතභේදයක් ඇති නොවූ බවත් හින්දු පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
ඉන්දියාවෙන් බලාපොරොන්තු වෙන්නේ කුමක්දැයි යනුවෙන් මෝදි, මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ නව දිල්ලිය තවදුරටත් ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා එක්වෙන ලෙසයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව මෙම හමුව පවත්වා තිබුණි. පසුගියවර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදීද මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.