ශ්රී ලංකාවට චීන රජයෙන් ලැබෙන සෑම සතයක්ම ණය බවත්, ඒවා ආධාර නොවන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
එසේම චීනයෙන් ලැබෙන ණය මුදල්වලින් 30% ක් පමණ දූෂණ හා අක්රමිකතා නිසා විනාශවන බවද හෙතෙම පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් මන්ත්රීවරයා පවසන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වැඩිවන ණය වාරික හා පොලිය ගෙවීමට ඇති එකම මාර්ගය ජනතාවගේ බදු මුදල් ලබාගැනීම බවයි.