චීන යුවාන් මිලියන 500 ක (රුපියල් මිලියන 11110) ප්‍රදානයක් ශ්‍රී ලංකාවට පිරිනැමිමට චීනය සූදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී ක්'චියාන් මහතා පවසයි. එසේම ආයෝජන, කර්මාන්ත කලාප සහ කාර්මීකරණ ව්‍යාපෘති සඳහා චීන රජයේ පූර්ණ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.
චීන අගමැති හා ශ්‍රී ලංකා අගමැති රනිල් වික්රමසිංහඑ මහතා අතර අද (07දා) සවස පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවකින් පසුව චීනය මෙම මුදල ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ.
මෙහිදී චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම කඩිනමින් සිදුකිරීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.