ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් හා ගංවතුර තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.28 (රුපියල් මිලියන 339.72) ආධාරයක් ලබාදීමට චීනය කටයුතු කොට තිබේ.මෙම ආධාර තොගයට ටෙන්ට්ස්, ඇඳන් ඇතුළු ද්‍රව්‍ය තොගයක් මෙන්ම මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් බව ෂිංහුවා පුවත්සේවය පවසයි.