ශ්‍රී ලංකාව තුළ චීනය විසින් කරනු ලබන ආරක්ෂක ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉන්දියාවේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව ද හින්දු පුවත්පත කියයි.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයේදී මේ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙන බවද හින්දු පුවත්සේවය සඳහන් කරයි.
මෙහිදී චීන සබ්මැරීන ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවේ අවධානය වැඩිවශයෙන් යොමුව තිබෙන අතර එය ඔවුන්ගේ ආරක්ෂාවට විශාල ලෙස බලපාන්නක් බව ඉන්දියාවේ අදහසයි.