වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 23 ක් ගමන් මල්ලේ සඟවාගෙන බැංකොක් බලා යාමට පැමිණි චීන ජාතිකයෙකුට රුපියල් ලක්ෂයක දඩ නියම කළ රේගුව එම වල්ලාපට්ටා තොගය රාජසන්තක කිරීමට නියෝග කළේය. මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ජී.පී පුෂ්පකුමාර මහතා විසින් අද උදෑසන සිදු කළේය.
මෙම චීන ජාතිකයා අද අළුයම 1.30ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරණ ගුවන් යානයෙන් බැංකොක් බලා යාමට පැමිණ සිටියදී ගුවන් තොටුපොළ බලධාරීන් විසින් අල්ලා රේගුවට බාර දී ඇත.