ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ නැවතත් සිය රටට යාමට සුදානමින් හලාවත අඹකදවිල ප්රදේශයේ සංචාරක හෝටල් කාමරයක් තුළ ලැගුම් ගෙන සිටි 26 හැවිරිදි චීන ජාතික කාන්තාවකට ලිංගික හිංසනයක් කළ එම හෝටලයේම සේවය කරන 22 හැවිරිදි සේවකයෙකුව අද ( 17 දා ) දහවල් අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් තරුණයා පල්ලම පහලයායේ පදිංචි අයෙකු බවත් කියයි. අතවරයට පත් චීන කාන්තාව විවාහක හෙදියකි. ඇය තවත් මිතුරියන් දෙදෙනෙකු සමග පසුගිය 13දා ශ්රී ලංකාවට පැමිණ තිබේ.
හලාවත සුපුන් හංසන