ශ්රී ලංකාවට පැමිණ සිටි චීන හා එංගලන්ත ජාතිකයන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී මරණයට පත්ව ඇතැයි පොලීසිය කියයි. හික්කඩුවේ නිවසක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතිකයෙකු නිවස ඉදිරිපිට වැටී මියගොස් තිබේ. ඊයේ (28දා) මෙම විදේශීය ජාතිකයා මියගොස් තිබේ. 73 හැවැරිදි බ්ලූමෙන්ස්ටෙයින් පීටර් යන අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර දෙමඩගොඩදී සිහි විකල් තත්ත්වයක සිටි චීන ජාතිකයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ. 40 හැවැරිදි හාඔ ජුන්සුඇන්ග් නැමැති පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මරණයත් ඊයේ සිදුව තිබේ.