චීන සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ ජීවත්වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
කොළඹ,තිඹිරිගස්යාය,පාදුක්ක,දෙහිවල,කඩුවෙල,මොරටුව, මහරගම,කැස්බෑව,හෝමාගම,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ,රත්මලාන,සීතාවක,කොළොන්නාව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ග්‍රාමනිලධාරී වසම් 39ක මොවුන් ජීවත්වන බවද ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට හිමිවන සියලුම අයිතිවාසිකම් මෙම ජනතාවට හිමිවන බවද අබේවර්ධන මහතා කීය.
චීන මිත්‍රත්ව සංගමය සමග ඒකාබද්ධව ඔවුන්ගේ සංස්කෘතික සහ අනෙකුත් කටයුතු කරගෙන යන බවද හෙතෙම පවසා සිටියේය.