චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවැති සාකච්ඡා ඉතාමත් සාර්ථක ලෙස අවසන් වූ බවත්, චීන සංචාරයේදී ඊළඟ දශක දෙක තුළ රට දියුණු කරන ආකාරය පිළිබඳව චීනය සමග සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළ සමග තරග කළ හැකි ආර්ථික රාමුවක් රට තුළ ඇති කරන බවත්, ඒ හරහා රට ආර්ථික වශයෙන් දියුණු කරන බවත් ඊට සමගාමීව යටිතල පහසුකම් අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
මීට අමතරව හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් පිළිබඳව සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජන කලාපයක් ඇතිකරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
චීන සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.