චීන ශ්‍රි ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් චීනය සහ ශ්‍රි ලංකාව අතර සෞඛ්‍ය, විද්‍යා, අධ්‍යාපන, සමාජයීය සහ ආර්ථීක සංවර්ධනයට අදාළ ගිවිසුම් 04 කට අත්සන් තැබීම අද (26දා) පෙරවරුවේදී සිදු වූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපති ෂිං ජින් පින් මැතිතුමා අතර නිල හමුව අද පෙරවරුවේ පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.
ඡායාරූප - සුදත් සිල්වා