ගම්මන්පිල යළිත් පොහොට්ටු වේදිකාවට
12 දා අනුරාධපුරයේ පැවැත්විමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියට ආරාධිත කථිකයෙකු ලෙසින් තමන්ට ඒක්වන ලෙස මන්ත්රී ඩී.වී. චානක මහතා කළ ඉල්ලීම අනුව තමන් එම වේදිකාවට ගොඩවන බව හිටපු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
"12 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන පොහොට්ටුවේ දැවැන්ත ජන රැලියට ආණ්ඩුව බියට පත්වෙලා, ඒක කඩාකප්පල් කිරීමේ යටි අරමුණින් නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නවාය කියන කාරණය පසුගිය සති දෙක පුරාම දේශපාලන ලෝකයේ කතාබහට ලක්වුණු කාරණයක්. ඒ නිසා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා පදනම් විරහිතව, නීති විරෝධීව අත්අඩංගුවට ගත්තේ ඇයි කියන එක අපි හැමෝටම පැහැදිලියි.
මේ අයුක්තියට එරෙහි වෙන්න 12 වෙනිදා අනුරාධපුරයේ පැවැත්වෙන රැලියට ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වෙන්න කියලා ඩී. වී. චානක මන්ත්රීතුමා මට ආරාධනාවක් කළා. මම ඒ ආරාධනාව බාර ගත්තා. මොකද, මෙය දේශපාලන පක්ෂ අතර ප්රශ්නයක් නෙවෙයි, පුරවැසියාගේ ආරක්ෂාව පිළිබඳ ප්රශ්නයක්. ඒ නිසා මේ අයුක්තිසහගත ආණ්ඩුවේ මර්දනයට එරෙහි වෙන්න මම 12 වෙනිදා
පොහොට්ටුවේ වේදිකාවට නගිනවා."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

