චීන ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ හා වාණිජ දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආර්.ඩී.එස්. කුමාරරත්න මහතා පවසයි.
1952 වසර තුළ අත්සන් කළ රබර් සහල් ගිවිසුමට පසු දෙරට අතර සිදුකිරීමට යන ප්රධානතම ගිවිසුම ලෙස මෙය සැලකෙයි.
මෙකී ගිවිසුමට අදාළ සාකච්ඡා වට කිහිපයක් දැනටමත් පවත්වා ඇති අතර, ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා වටයක් පැවැත්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
දෙරට අතර වෙළෙඳාමේ වටිනාකම ඇමෙරිකානු බිලියන 03 ක් වුවද, ශ්රී ලංකාව එරටට කරන අපනයනවල වටිනාකම ඩොලර් මිලියන 162 ක් තරම් ප්රමාණයක් වේ. දෙරට තුළ වෙළෙඳ පරිමාණය වැඩි කිරීමට අමතරව වෙළෙඳ පරතරය ශ්රී ලංකාවට වාසි වන ලෙස අවම කිරීමද මෙහි අරමුණයි.