චීනය හා ශ්‍රී ලංකාව අතර යුද හමුදා සහසම්බන්ධතාවකට එළැඹෙමින්, මෙරට යුද හමුදාවේ විවිධ ක්ෂේත්‍ර සමග උපයෝග්‍ය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට චීන යුද හමුදාව කැමැත්තෙන් පසුවන බව චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපති ෂු චිලියැන් මහතා පැවසීය.
ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23දා) හමුවූ අවස්ථාවේදී ෂු චිලියැන් මහතා මෙසේ අදහස් දැක්වීය.
පසුගිය සතියේදී මෙරටට පැමිණි චීන ජනපති ෂී ජින්පින් මහතාගේ සංචාරයේදී ෂී ජින්පින් මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙරට අතර ක්‍රමෝපාය සහයෝගීතා හවුල ශක්තිමත් කරගැනීමට එකඟ වූහ.
දෙරට අතර යුද හමුදා සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට සහයෝගීතාව වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව නොකඩවා ක්‍රියාකරන බව මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.