ශ්රී ලංකාවේ හා චීනයේ හමුදාවන් අතර සහයෝගය වර්ධනය කිරීමට ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා චීන සමූහාණ්ඩුවේ හමුදා ප්රධානී ජෙනරල් මැෂියෝ ෂෙයින් අතර සකච්ඡා පවත්වා තිබෙන බවර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගුවන් හමුදාපතිවරයා චීනයේ කරනු ලැබූ සංචාරයේදී මෙම සාකච්ඡා පවත්වා ඇති අතර ගුවන් හමුදාපතිවරයා චීනයේ ගුවන් යානා හා ආරක්ෂක නිපැයුම් පිළිබඳ මූලික ආයතනයක් වන චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන නීතිගත සංස්ථාවේද සංචාරයක නිරත වී තිබෙන බව දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකා ගුවන් හමුදාව සතුව පවතින ගුවන් යානා විශාල ප්රමාණයක් මෙම ආයතනයේ නිපදවා ඇති ඒවා වන බවද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.