ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන හා ව්‍යාපෘති ක්‍රමවත්, වේගවත් සහ විධිමත් කරලීම සඳහා ඉහළ පෙළේ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂි ජින්පිං මහතා හමුවේ පැවසීය.
විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම හා ප්‍රතිපත්ති සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ උපදේශක ආර්. පාස්කරලිංගම් යන මහත්වරු මේ කමිටුවේ සාමාජිකයෝ වෙති.